You are here : Home Latest News පේරාදෙණිය විශ්වවිද්‍යාලය ප්‍රාදේශීය විශ්වවිද්‍යාල තත්වයෙන් බේරාගනිමු. මැතිවරණ කොමසාරිස්, පේරාදෙණිය විද්‍යාර්ථි මහින්ද දේශප්‍රිය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ප්‍රාදේශීය විශ්වවිද්‍යාල තත්වයෙන් බේරාගනිමු. මැතිවරණ කොමසාරිස්, පේරාදෙණිය විද්‍යාර්ථි මහින්ද දේශප්‍රිය

 

වර්තමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ප්‍රාදේශීය විශ්වවිද්‍යාලයක තත්වයට පත්ව ඇතිබවත් විද්‍යාර්ථින් වන අප විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග සාකච්ජා කොට එය වෙනස් කොට පැරණි ජාතික විශ්වවිද්‍යාල තත්වයට ගෙන ඒමට කටයුතු කලයුතු බව මැතිවරණ කොමසාරිස් පේරාදෙණිය විද්‍යාර්ථි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කොළඹ ශාඛාව විද්‍යාර්ථින්ගේ සංගමයේ මහාසභා රැස්වීම මාර්තුමස 08 දින රාජගිරිය බර්ඩ් පාර්ක් හීදී පැවති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමින් දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කලේය. තවදුරටත් අදහස් දැක්වූ එතුමා තමා මෑතකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගිය අවස්ථාවකදී කලාපීඨ සිසුන් හමුවූ බවත් එහිදී තමන්ට මුණගැසුනේ දකුනේ කලාපීඨ සිසුන් දෙතුන් දෙනෙක් පමනක් බවත් අනෙකුත් වැඩිදෙනා පේරාදෙණියට ආශ්‍රිත දිස්ත්‍රික්කවල සිසුන් බවත් ප්‍රකාශ කලේය.

තමන්ට මැතිවරණ කොමසාරිස්වරයා ලෙස රාජකාරි හොදින් කිරීමට හැකිවූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් කාලයේ සිසු සටන් වලින් ලද පන්නරයත් දෙපාර්තමේන්තුවේ අඛණ්ඩව සේවය කිරීමෙන් ලද අත්දැකීමත් නිසා බව දේශප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය. තමන් ඉටුකල එම කර්තව්‍යයේදී රාජකාරි මට්ටමින් සම්බන්ධව සිටි පේරාදෙණිය විද්‍යාර්ථි සාමාජිකයන්ට ස්වකීය ස්තූතිය පලකරන්නටද එතුමා අමතක කලේ නැත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින්ගේ සංගමයේ සභාපති ආචාර්ය ජයලත් එදිරිසිංහ සහ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති විශේෂ ආරාධිත අමුත්තාවූ ආතාවුද සෙනෙවිරත්න යන මහතුන්ද මෙහිදී අදහස් දැක්වූහ. නව වසර සදහා නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමද මෙදින සිදුවිය.

View AGM 2015 images

 

AAUPCC Calendar

October 2017
S M T W T F S
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4